Update : හෝමාගම ප්‍රා. සභාවේ පහරදීමක් සිදුව නැහැ. ඇමති බන්දුල.

Thursday, 12 December 2013 - 7:52

Update+%3A+%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD.
හෝමාගම ප්‍රාදේශීය සභාව තුළ පහරදීමක් සිදුව නොමැති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (12) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා. ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ නැගූ අතුරු පැනයකට පිලිතුරු ලෙසයි. ඊට අමතරව ලබන වසර සඳහා වන පෙළපොත් කලාප කාර්යාලවලට යවා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. අයවැය කාරක සභා විවාදයේ 10 වන දිනය වන අද දිනයේදී සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු, ධීවර හා ජලඡ සම්පත් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් විවාදයට ගැනෙනවා.

Update : Thursday, 12 December 2013 - 12:36 PM
------------------------------
අයවැය 10 වන දිනය අදයි.

2014 අයවැය යෝජනාවලියේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයන්වල වැය ශීර්ෂයන් සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු, ධීවර හා ජලඡ සම්පත් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.
 

[MP3]s73257[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories