වීඩියෝ: ධීවර ඇමතිගේ නව දඩයට ධීවරයන්ගේ විරෝධය.

Thursday, 12 December 2013 - 12:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.
ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරන ශ්‍රී ලාංකික ධීවරයින්ට දඩමුදලක් පැනවීමට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන ඇති තීරණයට සමස්ත ධීවර ප්‍රජාව ඇතුලූ ධීවර වෘත්තීය සමිති විරෝධය පළ කරනවා. ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවර යාත්‍රාවකින් මිලියන එකහමාරක දඩ මුදලක් අයකර ගැනීමට තීරණය කර ඇති බවයි. ඒ සඳහා පනතක්ද පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සමස්ත ධීවර ජනතාව ඇතුලූ වෘත්තීය සමිති අමාත්‍යවරයා ගෙන ඇති මෙම තීරණයට දැඩි විරෝධයක් පළ කරනවා. ධීවරයින් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නියැලෙන බවයි. එබැවින් ශ්‍රී ලාංකික ධීවරයින්ගෙන් දඩ මුදලක් අය කරනවා වෙනුවට ඉන්දීය ධීවරයින්ගෙන් දඩ මුදලක් අයකරගත යුතු බවයි මෙරට ධීවරයින් සඳහන් කළේ.

මේ අතර ගාල්ල නගරයේදී ධීවර ප්‍රජාවගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී විරෝධතාවක් පැවැත්වුණා. එම විරෝධතාවයට එක්වුණු ධීවරයින් සඳහන් කළේ මෙවර අයවැයෙන් ධීවර ජනතාවගේ සහන කප්පාදු කර ඇති බවයි. අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනෙනවා. ඊට විරෝධය පළ කරමිනුයි ගාල්ල නගරයේදී අද මෙම විරෝධතාවය පැවැත්වුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories