කැස්බෑව, මැදවච්චිය, මාතර අයවැය දෙවන වරටත් පරදී.

Friday, 13 December 2013 - 13:00

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91%E0%B7%80%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.
එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හොබවන මාතර, මැදවච්චිය, කැස්බෑව, යන පළාත් පාලන ආයතනවල අයවැය අද (13) දෙවන වරටත් පරාජයට පත්වුණා. මේ අනුව, ඒවායේ සභාපතිවරුන්ට එම ධුරවලින් ඉවත්වීමට සිදුවනවා. මාතර ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී එය පරාජයට පත්වුණේ වැඩි ඡන්ද 3 කින්.

මැදවච්චිය ප්‍රාදේශීය සභා අයවැය ද දෙවන වරටත් වැඩි ඡන්ද 3 කින් පරාජයට පත්වූ අතර  අයවැයට පක්ෂව ඡන්ද 3 ක් සහ විපක්ෂව ඡන්ද 9 ක් ලැබී තිබෙනවා.

කැස්බෑව නගර සභාවේ අයවැය අද දෙවනවරටත් පරාජයට පත්වුණේ එක් වැඩි ඡන්දයකින්. අයවැයට විරුද්ධව ඡන්ද 9 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 8 ක් පමණයි. පළමු වරට අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ පැවති ඡන්ද විමසීමේ දී ඡන්දය දීමෙන් වැළකී සිටි මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අද ඊට පක්ෂව ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයක්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories