කැළණිය යළිත් උණුසුම් වෙයි.

Friday, 13 December 2013 - 18:57

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වාට නැවත වරක් කැළණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය ලබාගැනීමට ඉඩ නොතබන බව කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් පවසනවා. එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු කැළණිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළා. එහිදී අදහස් දැක්වු එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද කියා සිටියේ සන්ධානයේ බලය පවතින ප්‍රාදේශීය සභා, නගර සභාවල අයවැය පරාජයවීමට වගකිව යුත්තේද අමාත්‍ය මර්වින් සිල්වා බවයි.
 
කෙසේ වෙතත්, කැළණිය - සිංහාරමුල්ල ප්‍රදේශයේ ඊයේ (12) පැවති උත්සවයකට එක්වෙමින් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටියේ තමා බලා සිටි කාලය නිමා වී ඇති බවයි. එමෙන්ම, නුදුරේදීම කැළණියේ තම වැඩකටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. තමන්ට එරෙහි වන්නන් පොල් පිතිවලට සමාන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories