කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ දී මවක සහ දියණියක කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ කැදවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ අද (13) නියෝග කළා. ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි. මෙය විශේෂ ජුරි සභාවක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්. ඒ අනුව කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ නියෝග කළේ මෙම නඩුව විශේෂ ජුරි සභාවක් ඉදිරියේ ලබන වසරේ පෙබරවාරි 6 වන දා විභාගයට ගන්නා ලෙසයි. අද (13) මෙම නඩුව කැදවන අවස්ථාවේදී සැකකරුවන්ගේ දරුවන් ද සාක්ෂියට කැදවා තිබුණා. එහිදී මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ නියෝග කළේ දරුවන්ගේ ඡායාරූප විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යවල පළ නොකරන ලෙසයි.
කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි නයනා නිල්මිණී සහ 18 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගි ඝාතනය කර තිබුණේ 2012 වසරේ ජනවාරි 31 වන දායි. ඊට අදාළව ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිද වන රසිකා චාන්දනී නැමැත්තිය චෝදනා ලැබ සිටිනවා.

Follow US
Most Viewed Stories