ළමා නිවාසවල සිටින දරුවන් වෙනුවෙන් ලබන වසරේ දී විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් යමුනා පෙරේරා පවසනවා. මෙම ප්‍රතිපත්තිය මගින් අදියර කිහිපයක් යටතේ ළමා නිවාසවල සිටින ළමයින් සමාජගත කිරීමට කටයුතු කරනු ලබනවා. එහි පළමු අදියර ලෙස ළමා නිවාසවල සිටින සමාජගත කළ හැකි දරුවන් සියලූ දෙනා ඔවුන්ගේ පවුල් පරිසරය තුළ රැකවරණය ලබාදීමටත් දෙවන අදියර යටතේ එම දරුවන්ට දේශීය රැකවරණය ලබාදීමටත් කටයුතු කරන බවයි කොමසාරිස්වරිය කියා සිටියේ.
Follow US
Most Viewed Stories