සුමාත්‍රාවේ ගුහාවක වසර දස දහසක සුනාමි රහස්.

Saturday, 14 December 2013 - 12:58

%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A.
සුමාත්‍රා දිවයිනේ සමුද්‍ර ආසන්න ගුහාවකින් වසර දස දහසක සුනාමි තොරතුරු හෙළි වී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. වයඹදිග සුමාත්‍රාවේ පිහිටි හුණුගල් ගුහාවක් වන මෙහි පර්යේෂණ සිදුකර ඇත්තේ සිංගප්පූරු විද්‍යාඥයින් පිරිසක්. ඉතිහාසයේ සිදුවූ සුනාමි ව්‍යවසනවලින් ඉතිරි වූ ශේෂයන් රැසක් මෙම ගුහාවේ පවතින බව සඳහන්. වවුලන්ගේ වසුරු නිසා ඒවා සුරක්ෂිතව ගුහාව තුළ ස්ථර වශයෙන් තැන්පත් වී තිබෙනවා. එහි සිදුකරන පර්යේෂණවලින් සුනාමි ඉතිහාසය පිළිබදව වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වනු ඇති බවටයි විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories