වීඩියෝ: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ මධ්‍යස්ථානයක් ද?

Saturday, 14 December 2013 - 19:02

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%3F
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදාගන්නේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. කෙසේ වුවත් ශ්‍රී ලංකාව හරහා හෙරොයින් ඇතුලූ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය මේ වනවිට අඩපණ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ අද සවස කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ. හික්කඩුව ප්‍රදේශයේ නිවසක තිබී හොරොයින් කිලෝග්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් ශ්‍රී ලංකාව හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් ලෙස සැළකිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් දකුණු පළාතේ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. පසුගිය දිනක ගුවන් තොටුපළේ දී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ලයිබීරියානු ජාතිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි මෙම ජාවාරම පිළිබදව තොරතුරු හෙළි වී ඇත්තේ. මෙම ලිබියානු ජාතිකයා මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාලයේ මුල් පුරුකක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.  

මේ අතර 2011 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ හෙරෙයින් කිලෝග්‍රෑම් 385 ක් සහ ගංජා කිලෝග්‍රෑම් එක්ලක්ෂ 76 000 කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ 2011 වසරේ සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් එක්ලක්ෂ 48 966 ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මහජනතාවට  හෙරොයින් ඇතුලූ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය විසින් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව 0112 34 3333 හෝ 0112 34 33 34 යන දුරකථන අංකවලින් මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු පොලීසිය වෙත ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ. සාර්ථක තොරතුරු ලබාදෙන්නන්ට පොලිස් තෑගි අරමුදලින් වටිනා ත්‍යාග ලබාදීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද සවස කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
 
මේ අතර මතභේදයට තුඩු දී ඇති කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් ද අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories