Update : පැය කිහිපයක් තුළ සැදැහැවතුන් ලක්ෂයක් සිරිපා කරුණාවේ.

Sunday, 15 December 2013 - 13:38

Update+%3A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%AF%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.
2013 - 2014 සිරිපා වන්දනා සමය අද (16) ට යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වුණා. එය අවසන් වීමට නියමිතව ඇත්තේ එළඹෙන වෙසක් පොහොය දිනයෙන්. පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව සිරිපා මළුව වෙත වැඩම කරවීම ඊයේ ආරම්භ කෙරුණා. අද අලූයම සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව සිරිපා මළුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව සිරිපා වන්දනා සමය ආරම්භ වීම සිදුවනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී.කුමාරසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ වනවිටත් බැතිමතුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිරිපා කරුණාවට එක්ව සිටින බවයි. බැතිමතුන් මත්පැන් පානය කර සිරිපා කරුණා කිරීමෙන් වළකින ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී ඉල්ලීමක් කළා.

මේ අතර, සිරිපා වන්දනාවත් සමඟ පරිසරයට එක්වන දිරාපත් නොවන ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලෙස ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මෙවර සිරිපා වන්දනා සමයේ ද ජීවිතාරක්ෂක සේවාවන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ සභාපති එච්.එස්.චූලසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ සිරිපා වන්දනාවට පැමිණෙන බැතිමතුන් දියනෑම සඳහා නම් කළ ස්ථානවල පමණක් භාවිත කළ යුතු බවයි.

 Update : Monday, 16 December 2013 - 1:00 PM
---------------------------------------------
සිරිපා කරුණාවට විශාල බැතිමතුන් පිරිසක්.


2013 - 2014 සිරිපා වන්දනා සමය අදට යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වුණා. එය අවසන් වීමට නියමිතව ඇත්තේ එළඹෙන වෙසක් පොහොය දිනයෙන්. පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව සිරිපා මළුව වෙත වැඩම කරවීම ඊයේ ආරම්භ කෙරුණා. අද (16) අලූයම සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කර`ඩුව සිරිපා මළුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව සිරිපා වන්දනා සමය ආරම්භ වීම සිදුවනවා. උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය  යෙදෙන අද දිනයේ සිරිපා කරුණා කිරීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ කියා සිටියේ.

[JPG]73471_1[/JPG]
[JPG]73471_2[/JPG]
[JPG]73471_3[/JPG]
[JPG]73471_4[/JPG]
[JPG]73471_5[/JPG]
[JPG]73471_6[/JPG]
[JPG]73471_7[/JPG]
[JPG]73471_8[/JPG]
[JPG]73471_9[/JPG]
[JPG]73471_10[/JPG]
[JPG]73471_11[/JPG]
[JPG]73471_12[/JPG]
[JPG]73471_13[/JPG]
[JPG]73471_14[/JPG]
[JPG]73471_15[/JPG]
[JPG]73471_16[/JPG]

Update : Monday, 16 December 2013 - 8:13
-----------------------------------------------------------------------------------
රත්නපුර සුමන් සමන් දේවාලය ඉදිරිපිට විරෝධතාවක්.

රත්නපුර සුමන සමන් දේවාලය ඉදිරිපිට ප්‍රදේශවාසීන් සහ බැතිමතුන් පිරිසක් අද (15) දහවල් විරෝධතාවක නිරත වුණා. ඒ, පැල්මඩුල්ල - ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට අද (15) අලූයම ගමන් ආරම්භ කළ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඩුව සහ දේවාභරණ රැගත් රිය පෙරහැර සුමන සමන් දේවාලයට නොපැමිණීමට විරෝධය පළ කරමින්. 

ශ්‍රී පාද වන්දනා සමය හෙටට යෙදෙන උඳුවප් පෝ දිනයෙන් ආරම්භ වන අතර, එය අවසන්වීමට නියමිතව ඇත්තේ එළඹෙන වෙසක් පොහෝ දිනයෙන්. ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව ඒවා තැන්පත් කර තිබූ කුටියෙන් පිටතට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදියි. අනතුරුව එම පූජා භාණ්ඩ වැද පුදා ගැනීම සඳහා අද පෙරවරුව දක්වා සැදැහැවතුන්ට අවස්ථාව ලබා දී තිබුණා. ඒවා ශ්‍රී පාද ස්ථානය වෙත රිය පෙරහැරකින් වැඩම කරවීම සඳහා ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර තිබුණේ අද (15) පෙරවරු 6.55ට යෙදී තිබූ සුබ නැකතින්. අවිස්සාවේල්ල, යටියන්තොට, නල්ලතණ්ණිය හරහා එක් මාර්ගයකිනුත්, පළාබත්ගල මාර්ගය හරහාත් සුමන සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ ශ්‍රී පාද මළුව වෙත වැඩම කරවීම සිදුකෙරෙනවා. කෙසේ වෙතත්, සම්ප්‍රදායානුකූලව සුමන සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ රත්නපුරය මහ සමන් දේවාලය වෙත අද (15) දිනයේ වැඩම නොකළ බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

අප මේ පිළිබඳව රත්නපුර සුමන් සමන් මහා දේවාලයේ බස්නායක නිළමේ කමල් රත්වත්තේගෙන් ද විමසීමක් කළා. බස්නායක නිළමේවරයා සදහන් කළේ සුමන් සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ රැගෙන පෙරහැර පැමිණෙන තෙක් තමන් බලාපොරොත්තුවෙන් සිටි බවයි.                                              

මේ සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේගෙන් කරුණු විමසීමට අප උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණේ උන්වහන්සේ පෙරහැර සඳහා එක්ව සිටීම හේතුවෙන්. කෙසේ වෙතත්, සුමන සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ රත්නපුර මහ සමන් දේවාලය වෙත අද (15) දිනයේ වැඩම නොකළේ මන්දැයි ශ්‍රීපාදස්ථානයේ තේවා කටයුතුවල නිරතව සිටින පූජ්‍ය කරවිට උපනන්ද හිමියන්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කරුණු විමසා සිටියා. උන්වහන්සේ සදහන් කළේ පැල්මඩුල්ල - ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ දී සියලූ ආගමික වතාවත් සිදුකළ බවයි.

Sunday, 15 December 2013 - 7:27
--------------------------------------------------------------------------
රත්නපුර සුමන සමන් දේවාලය ඉදිරිපිට විරෝධතාවක්.

රත්නපුර සුමන සමන් දේවාලය ඉදිරිපිට ප්‍රදේශවාසීන් සහ බැතිමතුන් විසින් මේ වනවිට විරෝධතාවයක නිරතවනවා. ඒ, පැල්මඩුල්ල - ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට අද (15) අලූයම ගමන් ආරම්භ කළ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඩුව සහ දේවාභරණ රැගත් රිය පෙරහැර සුමන සමන් දේවාලයට නොපැමිණීමට විරෝධය පළ කරමින්.  විරෝධතාවයට එක්වූ බැතිමතෙකු ඒ සම්බන්ධයෙන් මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

Sunday, 15 December 2013 - 2:45

---------------------------------------------------
සමන් දේවාභරණ රැගත් පෙරහැර රත්නපුරයට ළගා වෙයි.

Sunday, 15 December 2013 - 13:38

සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹෙනවා. සිරිපා වන්දනා සමයට සමගාමීව ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව සහ දේවාභරණ රැගත් රිය පෙරහැර අද (15) අලූයම පැල්මඩුල්ල - ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළ අතර එය මේ වනවිට රත්නපුර නගරයට ළගා වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories