වීඩියෝ : චාවකච්චේරියේදී ශ්‍රීධරන්, විග්නේෂ්වරන් මත ගැටුමක.

Tuesday, 17 December 2013 - 7:53

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B0%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A.
කිලිනොච්චියේ සිට යාපනය දක්වා ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තුළ ඇති වූ මත ගැටුමක් ඊයේ (16) යාපනය - චාවකච්චේරියෙන් වාර්තා වුණා. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් සිය විරෝධතාවය පළ කර සිටියේ ඊයේ චාවකච්චේරියේ පැවැති උත්සවයකදියි. එහිදී ඔහු සදහන් කළේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර දෙමළ ජාතික සන්ධානයේ අදහස් නොවිමසීම පිළිබද තමන් විරෝධතාවය පළ කරන බවයි. මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සියලූ පළාත් සභා මන්ත්‍රීවරුන් මහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළ බවයි.

කෙසේ වුවත් එම උත්සවයට සහභාගි වූ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හෙළා දැක්කා. ඔහු එහිදී සඳහන් කළේ තමන් එම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දුන් බවයි. එසේම හැගීම්බර කතා අවශ්‍ය නොවන බවත් මෙමගින් උතුර පළාත් ජනතාවට ලැබෙන ප්‍රතිලාභය ගැන සිතා බැලිය යුතු බවත් ඔහු කියා සිටියා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories