මාරවිල රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි.

Tuesday, 17 December 2013 - 8:54

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
නාත්තණ්ඩිය - මාරවිල මාර්ගයේ වීරහේන ප්‍රදේශයේ අද (17) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මාරවිල පොලීසිය ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනායි. ඉන් එක් අයෙකු නාන්තන්ඩිය - වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා ගම්පල පදිංචි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories