Update : සටන අතහරින්නේ නැහැ. හෙළ උරුමය.

Tuesday, 17 December 2013 - 13:04

Update+%3A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA.
මත්කුඩු කන්ටේනරයක් වරායෙන් නිදහස් කරගැනීමට අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලිපියක් යොමු කිරීම සම්බන්ධයෙන් පසුගියදා ඇතිවුණේ මහත් ආන්දෝලනයක්. ඊට අදාළව අග්‍රාමාත්‍ය දිමු ජයරත්නට චෝදනා එල්ල කිරීම පිළිගත නොහැකි බව පවසමින් ජාතික සමගිය සඳහා වූ අන්තර් හා ආගමික සංවිධානය කොළඹදි අද හමුවක්ද කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ පූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර හිමියන් අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසියට සහ උසාවියට වඩා බලයක් ජාතික හෙළ උරුමයට ලැබුණේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කළා. උන්වහන්සේ කියා සිටියේ ජාතික හෙළ උරුමය මඩෙහි සෙළවෙන ඉන්නක් බවට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහගෙන් විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා නිදොස් කරගැනීම චෝදනා එල්ල කරන පාර්ශවවල වගකීමක් බවයි.මෙම සිද්ධියට එරෙහි සටන අත් නොහරින බවද ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා අවධාරණය කළා.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් මේ පිළිබඳව කරුණු විමසුවා. එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් පසු ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදුකළ හැකි බවයි.

Update :  Tuesday, 17 December 2013 - 7:16

-------------------------------------------------------------
අගමැති පිරිසිදුයි. - ආගමික සංවිධානයක්.

Tuesday, 17 December 2013 - 13:04

කුඩු කන්ටේනරයක් පදනම් කරගෙන අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නට මඩ ගැසීම පිළිගත නොහැකි බව ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානය පවසනවා. එම සංවිධානයේ සභාපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය ද පිරිසිදු එකක් බවයි.

පාකිස්තානයෙන් ගෙන්වන ලද මත්කුඩු කන්ටේනර් දෙකක් වරායෙන් නිදහස් කර ගැනීමට අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලිපියක් යොමු කිරීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති වුණා. කෙසේ වෙතත්, එහිදී ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් සදහන් කළේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories