ශ්‍රී ලංකාවෙන් පාඩම් උගත් බව ජගත් මහලේකම් කියයි.

Tuesday, 17 December 2013 - 13:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මෙරට පැවැති යුද්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පාඩම් රැසක් උගත් බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් පවසනවා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ (16) පැවැති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් මහලේකම්වරයා කියා සිටියේ එහි ප්‍රතිඵලයක් ලෙස වෙනත් රටවල ඇති විය හැකි සමාන තත්ත්වයන් සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇති බවයි.

ජගත් සංවිධානය මෙරට පැවැති යුද්ධයේ දී නිසියාකාරයෙන් කටයුතු කළා ද යන්න පිළිබද සොයා  බැලීමට තමා විසින් විද්වත් කමිටුවක් පත් කළ බව මහලේකම්වරයා මෙහිදී සිහිපත් කළා. ඔවුන් එහිදී ලබාදුන් නිර්දේශ අනුවයි නව ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත්තේ. එය  ඕනෑම රටක ඇති විය හැකි එවැනි  ඕනෑම තත්ත්වයකට සරිලන බව මහලේකම් බෑන් කී මූන්ගේ අදහසයි. ඒ අනුව එය සියලූ රටවල, සියලූ තත්ත්වයන්හිදී ඇති වන සියලූ සිද්ධීන් සඳහා ආදේශ කිරීමට ජගත් සංවිධානය සැලසුම් කර තිබෙනවා.

මෙම ක්‍රියාකාරී සැලැස්ම ජගත් සංවිධාන මහා මණ්ඩලය වෙත ද ඉදිරිපත් කරනු ලැබුවා. එය මහා මණ්ඩලයේ සභාපතිවරයා විසින් සාමාජික රටවල් වෙත ලබාදී තිබෙනවා. මානව හිමිකම් සුරැකීම සහ ඒවා උල්ලංගණයවීමේ අවස්ථාවන් වැළැක්වීම සඳහා වූ පියවර ඊට ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories