ජනතා අපේක්ෂා කඩ කරන්න එපා. - එජාපය.

Tuesday, 17 December 2013 - 13:24

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.
ජනතාවගේ හැගීම් සහ බලාපොරොත්තු කඩකිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස්වී සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නායකත්ව මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගැනීමට නියමිතයි. ලබන 21 වැනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ දී ගනු ලබන තීරණ සම්බන්ධයෙන් ද අද සාකච්ඡා කෙරෙනු ඇති. මීට අමතරව අද පැවැත්වෙන නායකත්ව මණ්ඩල රැස්වීමට සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට ආරාධනාවක් කර තිබුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories