වීඩීයෝ : Update : ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු.

Tuesday, 17 December 2013 - 15:39

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
2013 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් තෝරාගැනීමේ කඩඉම් ලකුණු අද නිකුත් කෙරුණා. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය සහ විශාකා විද්‍යාල සඳහා ඇතුලත් කරගැනීමේ කඩඉම් ලකුණ වන්නේ 186 ක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත්වීම සඳහා ලකුණු 184 ක් ලබාගත යුතුයි. කොළඹ ආනන්ද, කුරුණෑගල මලියදේව සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලවලට ඇතුළත් වීමේ කඩඉම් ලකුණ වන්නේ 183 ක්. පන්නිපිටිය ධර්මපාල, හොරණ තක්ෂිලා, වීරකැටිය මධ්‍යමහා විද්‍යාලය, වයඹ රාජකීය සහ රත්නපුර සීවලී යන විද්‍යාලවලට ඇතුළත් වීමට ලකුණු 174 ක් ලබාගත යුතුයි.

කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුළත් වීමට ලකුණු 181 ක් ද ඞී එස් සේනානායක විද්‍යාලයට ලකුණු 180 ක්ද, ගාල්ල මහින්ද සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලවලට ඇතුලත්වීමට ලකුණු 179 ක් ලබාගත යුතුයි. මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ඇතුලත්වීමට ලකුණු 176 ක් ලබාගත යුතු අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයට  ඇතුළත්වීම සඳහා ලකුණු 175 ක් ලබාගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

කොළඹ දේවි බාලිකා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලවලට ඇතුළත් වීමට ලකුණු 182 ක් ලබාගත යුතුයි. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලවලට ඇතුළත්වීමට ලකුණු සීමාව  180 ක්. කුරුණෑගල ශුද්ධවූ පවුලේ බාලිකා විද්‍යාලය සඳහා ඇතුලත් කරගැනීමේ ලකුණු සංඛ්‍යාව 179 ක්. නුගේගොඩ අනුලා විද්‍යාලය, ගම්පහ රත්නාවලී බාලිකා සහ  මහනුවර උසස් බාලිකා යන විද්‍යාලවල කඩඉම් ලකුණ 177 ක්  වනවා.



Update : Tuesday, 17 December 2013 - 15:39

---------------------------------------------------------
පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පිටවේ. රාජකීය - විශාකා 186 යි.

Tuesday, 17 December 2013 - 15:39

මේ වසරේ පහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් තෝරාගැනීමේ කඩඉම් ලකුණු අද නිකුත් කෙරුණා. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය සහ විශාකා විද්‍යාල සඳහා ඇතුලත් කරගැනීමේ කඩඉම් ලකුණ වන්නේ 186 ක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත්වීම සඳහා ලකුණු 184 ක් ලබාගත යුතුයි. කොළඹ ආනන්ද, කුරුණෑගල මලියදේව සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලවලට ඇතුළත් වීමේ කඩඉම් ලකුණ වන්නේ 183 ක්. පන්නිපිටිය ධර්මපාල, හොරණ තක්ෂිලා, වීරකැටිය මධ්‍යමහා විද්‍යාලය, වයඹ රාජකීය සහ රත්නපුර සීවලී යන විද්‍යාලවලට ඇතුළත් වීමට ලකුණු 174 ක් ලබාගත යුතුයි.

[JPG]73604_5[/JPG]
[JPG]73604_6[/JPG]
[JPG]73604_1[/JPG]
[JPG]73604_2[/JPG]
[JPG]73604_3[/JPG]
[JPG]73604_4[/JPG]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories