රජය ව්‍යවස්ථාව රකිනවා. - ඇමති කෙහෙළිය.

Wednesday, 18 December 2013 - 7:34

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA.
රජය සිදුකරන්නේ රටේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කලින් කලට ඇතැම් පාර්ශව ප්‍රකාශ කරන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කළ නොහැකි බවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කතෝලික රදගුරු සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. උතුරට සිවිල් ආණ්ඩුකාරවරයෙකු පත් කිරීම සහ රජයේ හමුදා අඩු කිරීම වැනි එම යෝජනා සම්බන්ධයෙන් එහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. ඔහු කියා සිටියේ රජය සිදුකරන්නේ රටේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම බවයි. ඊට එරෙහිව කිසිවෙකුටත් කිසිවක් සිදුකළ නොහැකි බව අමාත්‍යවරයා සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories