පළාත් පාලන පනත සංශෝධනය කිරීමේ සූදානමක්.

Thursday, 19 December 2013 - 7:57

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
පළාත් පාලන පනත අවශ්‍ය වුවහොත් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (18) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වුණා. එහ හමුවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ඇතැම් පළාත් පාලන ආයතනවල අය වැය පරාජයට පත්වීම තුළින් රජය තුළ අර්බුද ඇති බවට පෙන්වීමට උත්සාහ කරන බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ. නමුත් රජය තුළ කිසිදු අර්බුදයක් නොමැති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ පළාත් පාලන පනත සංශෝධනය කර යළි පෙර පැවැති පනතම ගෙන ඒමට වුවද කටයුතු කිරීමට සූදානම් බවයි.

මේ අතර, දෙවරක් අයවැය පරාජයට පත්වූ පළාත් පාලන ආයතනවලට නව සභාපතිවරයෙකු  තෝරා පත් කිරීමේදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් මන්ත්‍රීවරුන් අතරින් කෙනෙකු නම් කිරීමට නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා. ඊට අමතරව පරාජයට පත්වන පළාත් පාලන ආයතනවල උප සභාපති සෑමවිටම සභාපති ලෙස පත්කිරීමට තීරණයක් ගෙන නොමැති බව ද මධ්‍යම කාරක සභාවේදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ලබන වසර තුළ බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභාවන්හි මැතිවරණ අනිවාර්යෙන්ම පවත්වන බව ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතරව ජාතික මැතිවරණයක් පිළිබදව මෙහිදී අවධානයක් යොමු නොවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories