මොහොමඞ් මොර්සිට ත්‍රස්ත චෝදනා.

Thursday, 19 December 2013 - 13:23

%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.
බලයෙන් පහ කළ ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සිට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරතවූ බවට චෝදනා එල්ලවී තිබෙනවා. පලස්තීනයේ හමාස් සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමග එක්ව කටයුතු කළ බවටයි නීති විශාරදයින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ. මොහොමඞ් මොර්සිට මීට පෙර මිනීමැරුම් චෝදනාද එල්ලවී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ රටට එරෙහිව කුමන්ත්‍රණ කරමින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නිරතවූ බවට මොහොමඞ් මොර්සිට එරෙහි චෝදනා ඔප්පුවුවහොත් ඔහුට මරණ දඩුවම හිමිවිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories