වීඩියෝ: තරඟකාරී ශිෂ්‍යත්ව විභාගය 2016 දී අහෝසියි.

Thursday, 19 December 2013 - 19:10

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+2016+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%92.
තරඟකාරී ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 2016 වසරේ සිට සාධන මට්ටම මැන බැලීමේ විභාගයක් පමණක් පහ ශ්‍රේණිය සඳහා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා අද (19) ප්‍රකාශ කළා. ඒ, අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය ළමයින්ට මෙන්ම දෙමව්පියන්ටද මහත් පීඩාකාරී එකක් බවට පත්ව ඇති බවයි. එය නිමා කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වු එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අමාත්‍යවරයාගේ මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ අමාත්‍යවරයාගේ මෙම තීරණය පිළිගත නොහැකි බවයි. පාසල් අතර පවතින පරතරය තුරන් නොකර මෙවැනි පියවරක් ගැනීම තුළින් අමාත්‍යවරයා උත්සාහ කරන්නේ වරප්‍රසාද හිමි පාසල් ආරක්ෂා කර ගැනීමට බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම, ගම්බද පාසල්වල ළමයින්ට නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළත්වීමට තිබෙන අවස්ථාව මෙමඟින් අහිමි වන බවද ඔහු පෙන්වා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories