අයවැයේ අවසන් දිනය අදයි.

Friday, 20 December 2013 - 8:00

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අයවැය විවාදයේ අවසන් දිනය අදයි. අද (20) එහිදී මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනෙනවා.

2014 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුයේ පසුගිය නොවැම්බර් 21 වැනිදායී. මහින්ද රාජපක්ෂ මහතා  ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලැබූ අටවන අයවැය සහ නිදහස් ශ්‍රී ලංකාවේ 67 වැනි අයවැයද මෙයයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 1542 යි දශම 5 ක් වනවා. එය මේ වසරේ සමස්ත වියදම වන රුපියල් බිලියන 1335 ට වඩා සියයට 15.5 ක වැඩිවීමක්. එමෙන්ම ලබන වසරේ රජයේ සමස්ත ණය ලබාගැනීම් උපරිමය රුපියල් බිලියන 1100 කට සීමා කර තිබෙනවා. ලබන වසර සඳහා මෙවර අයවැයෙන් වැඩිම වියදමක් වෙන් කිරීමට යෝජනා කර ඇත්තේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයටයි. එය රුපියල් බිලියන 253 යි දශම 9 ක් වනවා. වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයට දෙවනුව වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති අතර එය රුපියල් බිලියන 144 ක්. ලබන වසරේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 117 ක් වෙන් කර ඇති අතර එය මෙම වසරේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වියදමට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

2014 වසර සඳහා වූ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් පසුගිය නොවැම්බර් 29 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. කාරක සභා අවස්ථාව විවාදය ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් 02 වැනිදායී.

ඊයේ දිනයේදී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, ඉදිකිරීම් - ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් සලකා බැලූණා. ඊයේ (19) දිනයේ අයවැය විවාදයේ තොරතුරු ඇතුළත් අයවැය 2014 විශේෂාංගය.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories