අසමත් බව ජගත් සංවිධානය යළි පිළිගනී.

Friday, 20 December 2013 - 13:33

%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
මෙරට යුද්ධයේ අවසන් සමයේදී ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමන් අසමත් වූ බව ජගත් සංවිධානය ඊයේ (19) යළි ප්‍රකාශ කළා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය මහ ලේකම් යාන් එලියසන් ප්‍රකාශ කළේ එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහ සාමාජික රටවල ද අසමත්වීමක් බවයි. ශ්‍රී ලංකාවේදී ජගත් සංවිධානය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් සැකසූ අභ්‍යන්තර වාර්තා තමන් පිළිගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ පැවති බිය ජනක යුද්ධයේ, 2009 වසරේ උදා වූ එහි අවසන් සමයේදී කුමක් සිදුවීද යන්න පිළිබඳ ජගත් සංවිධානය තීරණය කළේ එවකට පැවති වාර්තා සහ චාල්ස් පෙට්රි වාර්තාව ඇසුරෙන්. එය පද්ධතියේ අසමත්වීමක් බව විශ්වාස කරනවා. ඇත්තෙන්ම එය ජගත් සංවිධාන ලේකම් කාර්යාලයේ අසමත්වීමක් පමණක් නොවෙයි. සාමාජික රටවලද අසමත්වීමක්. ආරක්ෂක මණ්ඩලයටත් ඒ පිළිබඳ වගකීමක් පැවරී තිබුණා. ඒ පිළිබඳ නිරීක්ෂණයන් අප දැන් සලකන්නේ අසමත්වීමක් ලෙසයි. දැන් අප එහිදී උගත් පාඩම්වලින් ඉදිරි පියවරක් තබන්නටයි කටයුතු කරන්නේ. ඒ සඳහා රුවන්ඩා ගැටුම්වලින් ලබාගත් පාඩම් ද උපයෝගී කර ගන්නවා. ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවුවහොත් සාමාජික රටවල් නිසි ලෙස දැනුවත් කිරීමට අප පියවර ගන්නවා. මෙවැනි අසමත්වීම් තවදුරටත් නොවීම ගැනයි දැන් අපේ අවධානය යොමු වී ඇත්තේ. කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳව වාර්තාවන් දැන් අප පිළිගෙන අධ්‍යයනය කරන බවද ජගත් සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories