මොණරාගල මහාධිකරණයෙන් 4 දෙනෙකුට මරණ දඬුවම.

Friday, 20 December 2013 - 19:00

%E0%B6%B8%E0%B7%9C%E0%B6%AB%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8.
අත්බෝම්බයක් ප්‍රහාරයක් එල්ල කර පොලිස් ආරක්ෂක සහායෙකු ජීවිතක්ෂයට පත්කර තවත්  පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ චූදිතයන් 4 දෙනෙකුට අද (20) මරණ දඬුවම නියම කෙරුණා. ඒ, මොණරාගල මහාධිකරණයේ දී ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදියි. 2002 වසරේ ජුනි මස 14 වන දින බඩල්කුඹුර - බුත්තල - වෙහෙරගොඩ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔවුන් ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ. මෙලෙස මරණ දඩුවම නියම වී ඇත්තේ අලංකාර දේවගේ ප්‍රසන්න දිසානායක, අලංකාර දේවගේ රොෂාන් දිසානායක, කෝනාර මුදියන්සෙලාගේ හේමන්ත ධම්මික කුමාර නොහොත් රවී නැමැත්තාට සහ චමින්ද පුෂ්පකුමාර නොහොත් පැට්ටා යන පුද්ගලයන්ටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories