TNA සියලූ මන්ත්‍රීවරුන් පළමුවරට ලබන 24 රැස්වේ.

Saturday, 21 December 2013 - 7:47

TNA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+24+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුර, නැගෙනහිර පළාත් සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් පළමු වරට ලබන අඟහරුවාදා පැවැත්වෙනවා. ඒ, වව්නියාව නගර සභා ශාලාවේදියි. උතුර සහ නැගෙනහිර පළාත් දෙකෙහිම දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 13ක්. ඊට පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනෙක් ද ඇතුළත්. ඔවුන් සියලූදෙනාගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කළේ. මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ ලබන වසරේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති. මීට අමතරව ලබන වසරේ ඉන්දීය සංචාරය සඳහා එක්වන නියෝජිත කණ්ඩායම පිළිබදව ද මෙහිදී අවධානය යොමු වනු ඇති බවයි දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සදහන් කළේ. බොහෝවිට එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස උතුර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කටයුතු කරනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories