Update : වීඩියෝ: විරුද්ධවාදීන් එක් කරගනිමු. රනිල්.

Saturday, 21 December 2013 - 7:49

Update+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94.+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.
වාදබේද පසෙකලා විරුද්ධවාදීන්ද ඒකරාශී කරගෙන ආණ්ඩු බලය ලබාගැනීම සඳහා පෙළගැසිය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවති එක්සත් ජාතික පක්ෂ 55 වන වාර්ෂික මහ සම්මේලනයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මෙම සම්මේලනයට ඉදිරිපත් කළ නායකත්ව මණ්ඩල යාන්ත්‍රණය අනුමත කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ජීවන බර සැහැල්ලූ කිරීම සහ ජනතාවට සහන සලසන ආණ්ඩුවක් බිහිකිරීම සඳහා එක හඬකින් කතා කිරීම යන යෝජනා 4 ට ද ඒකමතිකව අනුමැතිය හිමිවුණා. සම්මේලනයට එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සමාජිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු 5800 කට ආසන්න පිරිසක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කළ සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙන්ම තලතා අතුකෝරල මන්ත්‍රීවරියද සහභාගි වී සිටියා.   

සම්මේලනය ඇමතූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ කියා සිටියේ මව්බිම පුවත්පත නායකත්ව මණ්ඩල සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරියට මඩගැසීමේ ව්‍යාපාරයක නියැලෙන බවයි. එමෙන්ම මන්ත්‍රීවරයා මෙහිදී මව්බිම පුවත්පතට අභියෝගයක්ද එල්ල කළා. ඒ, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ට රුපියල් මිලියන 784 ක් ලබාදුන් ආකාරය තම පුවත්පතේ හැකිනම් පළ කරන ලෙසයි. නොමැති නම් තමන් නුදුරේම එය හෙළි කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.
 
විපක්ෂ නායකවරයාට අමතරව නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය, ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ද එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ඇමතුවා.



Update : Saturday, 21 December 2013 - 7:14 PM
-------------------------------------------
එජාප 55 වන සම්මේලනයේදී නායකත්ව මණ්ඩලයට අනුමැතිය.

එක්සත් ජාතික පක්ෂයේ 55 වන වාර්ෂික මහා සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. මෙම සම්මේලනයට ඉදිරිපත් කළ නායකත්ව මණ්ඩල යාන්ත්‍රණය අනුමත කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ජීවන බර සැහැල්ලූ කිරීම සහ ජනතාවට සහන සලසන ආණ්ඩුවක් බිහිකිරීම සඳහා එක හඬකින් කතා කිරීම යන යෝජනා 4 ට ඒකමතිකව අනුමැතිය හිමිවුණා. මෙම සම්මේලනයට එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය, පාර්ලිමේන්තු කණ්ඩායම, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු 5800 කට ආසන්න පිරිසකට පක්ෂය නිල වශයෙන් ඇරයුම් කර තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කළ සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද මෙම සම්මේලනයට සහභාගි වී සිටින බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළා.

Update : Saturday, 21 December 2013 - 12:54
-------------------------------------------
එජාප 55 වන මහා සම්මේලනය සිරිකොතදී ඇරඹේ.

එක්සත් ජාතික පක්ෂයේ 55 වන වාර්ෂික මහා සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. අද (21) පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී නායකත්ව මණ්ඩල ව්‍යුහය ඇතුළු යෝජනා 4ක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

Update : Saturday, 21 December 2013 - 10:12
----------------------------------------------
එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අද.

එක්සත් ජාතික පක්ෂයේ 55 වන වාර්ෂික මහා සම්මේලනය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (21) උදෑසන 9ට ආරම්භ වීමට නියමිතයි. පක්ෂ සම්මේලනයට නායකත්ව මණ්ඩල ව්‍යුහය ඇතුළු යෝජනා 4ක් ඉදිරිපත් කිරීමට නියමිත බව පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. මෙවර එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට ආරාධනා කර ඇති නියෝජිතයින් සංඛ්‍යාව 5800කට ආසන්නයි.

මහලේකම්වරයා කියා සිටියේ සම්මේලනයට සහභාගි වන නියෝජිතයින් උදෑසන 9ට පෙර පක්ෂ මූලස්ථානයට පැමිණිය යුතු බවයි. 2014 වසර ජයග්‍රාහී වසරක් බවට පත් කර ගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වෙන අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් මෙන්ම අනුබද්ධ ආයතන සංවිධාන නියෝජිතයන් සමුළුවට කැදවා ඇති බවයි.  

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය ඊයේ (20) පස්වරුවේ දී පාර්ලිමේන්තුවේ දී රැස් වුණා. සජිත් ප්‍රේමදාස සහ තලතා අතුකෝරළ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නායකත්ව මණ්ඩලයට සහභාගි වන ලෙස ආරාධනා කර තිබූ නමුත්, ඔවුන් දෙදෙනා ඊයේ ද ඊට සහභාගි වී නොසිටි බව නායකත්ව මණ්ඩලයේ සාමාජික කබීර් හෂීම් මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories