අනවසර විදුලි රැහැන්වලට නීතිය දැඩි වෙයි.

Saturday, 21 December 2013 - 12:51

%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
අනවසර ලෙස විදුලි වැටවල් ඉදිකරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ උපදෙස් ලබාදී ඇති බවයි. අම්පාර - වලතාපිටිය - බුද්ධංගල ප්‍රදේශයේ සැරිසැරූ සද්දන්ත දළ ඇතෙකු ද කුඹුරක මියගොස් සිටියදී පසුගිය 16 වැනිදා සොයා ගැනුණා. මීට පෙර අනවසර විදුලි රැහැන් හේතුවෙන් වන සතුන් මියගිය අවස්ථාවන් නිරන්තරයෙන් වාර්තා වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories