වීඩියෝ: මහල් 4 ක කල් ඉකුත් වූ ආහාර ගබඩාවක් පිටකොටුවේ.

Saturday, 21 December 2013 - 19:12

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+4+%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් වැටලූ පිටකොටුව පරණ යෝන් වීදියේ පිහිටි මහල් 4 කින් යුත් කල් ඉකුත් වූ ආහාර ගබඩාව තවදුරටත් පරීක්ෂා කරමින් පවතිනවා. මේ දක්වා සිදුකළ පරීක්ෂා කිරීම්වලදී වෙළඳ නාම 25 කට පමණ අයත් විවිධ වියලි ආහාර වර්ග දස දහසක් පමණ සොයාගෙන ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම ගබඩාව තුළ පිහිටි තවත් කුඩා ප්‍රමාණයේ ගබඩා කිහිපයක් පරීක්ෂා කිරීමට ඉතිරිව ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් සඳහන් කළේ. රුපියල් මිලියන ගණනක් වටිනා කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය මෙහි අඩංගු වන අතර වටිනාකම මේ වනතුරුත් නිශ්චිතව තක්සේරු කොට නැහැ.

පසුගියදා මෙලෙස මහා පරිමාණයෙන් අලෙවිය සඳහා සූදානම් කර තිබූ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය තොග රැසක් ප්‍රදේශ කිහිපයකදී සොයාගනු ලැබුවා. කෝටි 08 කට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ කිරිපිටි කිලෝග්‍රෑම් 12,500 ක් පසුගියදා සොයා ගත්තේ වැලිසර ප්‍රදේශයෙන්. මීට අමතරව ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ ගබඩාවක තිබී කල් ඉකුත්වීම හේතුවෙන් සුපිරි වෙළඳ සැල්වලින් ඉවත් කරන ලද කුකුල් මස් කන්ටේනරයක්ද පාරිභෝගික අධිකාරිය විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුනා. එම කන්ටේනරයේ තිබී ඌරු මස්, හරක් මස් සහ  අර්තාපල් සහ ලොකු ළූණු ඇතුලූ ආහාර තොගයක්ද අත්අඩංගුවට ගැනුනු අතර වත්තල - මාබෝල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක ගබඩා කර තිබූ කල් ඉකුත් වූ කෑලි මිරිස් සහ මිරිස් කුඩු කිලෝග්‍රෑම් 8,000 ක්ද පසුගියදා අත්අඩංගුවට ගැනුනා.

මේ අතර පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 5,000 ක් අද දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් සොයාගනු ලැබුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ගබඩාවක තිබියදීයි.
 
වෙළඳපොලේ අලෙවි වන පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හඳුනා ගැනීමට පාරිභෝගිකයන් අනුගමනය කළ යුතු පියවර කුමක්ද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම්ගෙන් විමසීමක් කළා. මිලදී ගනු ලබන භාණ්ඩයේ කල් ඉකුත් වූ දිනය සටහන් වන ලේබලය පිළිබඳව විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවයි. මීට අමතරව මිලදි ගනු ලබන භාණ්ඩයේ ස්වභාවය තමන් මිලදී ගැනීම සිදුකරන ව්‍යාපාරික ස්ථානයේ ප්‍රමිතිය පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් තවදුරටත් සඳහන්කළේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories