ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ලබන මාසයේ පාරට බසින බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී කරූ ජයසූරිය පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) පැවති එක්සත් ජාතික පක්ෂ 55 වන වාර්ෂික මහ සම්මේලනයට එක්වෙමිනුයි මන්ත්රීවරයා මේ බව සඳහන් කළේ. මෙම සම්මේලනයේදී නායකත්ව මණ්ඩල යාන්ත්රණය අනුමත කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ජීවන බර සැහැල්ලූ කිරීම සහ ජනතාවට සහන සලසන ආණ්ඩුවක් බිහිකිරීම සඳහා එක හඬකින් කතා කිරීම යන යෝජනා හතර සම්මත කිරීම සිදුවූයේ ඒකමතිකවයි.
Follow US
Most Viewed Stories