ජනපතිගේ ආරාධනය TNA පිළි ගනී.

Sunday, 22 December 2013 - 12:57

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+TNA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනය පිළිගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක ආර්.සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ රජය සහ තමන් අතර පැවැත්වූ සාකච්ඡාවලදී ඇති වූ එකඟතාවයන් සහ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පදනම් කර ගනිමින් එම ආරාධනය පිළිගැනීමට තමන් සූදානම් බවයි.
 
ලබන වසරේ අයවැයට අදාළව අවසන් ඡන්ද විමසීම පැවති සිකුරාදා දිනයේ මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයේ පිළිතුරු කතාව සිදුකරමින් ජනාධිපතිවරයා සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කළා. මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ සියලූ පාර්ශව එක්ව මතු පරපුර වෙනුවෙන් අභිමානවත් විසඳුමක් සෙවිය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories