Update : රත්නපුර පතලක් කඩා වැටී යටවූ දෙදෙනා මරුට.

Sunday, 22 December 2013 - 18:45

Update+%3A++%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
රත්නපුර - අංගම්මන ප්‍රදේශයේ අඩි 30කට ආසන්න ගැඹුරු තට්ටු පතලක් කඩා වැටීමෙන් එහි සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.  ඊයේ පස්වරුවේ මෙම පතල කඩා වැටුණු අතර අනතුර සිදුවන අවස්ථාවේදී එහි සේවකයන් 6 දෙනෙකු අඩි 30 ක් පමණ ගැඹුරු පතලේ සේවය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පතල කඩා වැටීමත් සමග  සේවකයන් 4 දෙනෙකු ඉන් පිටතට පැමිණ තිබෙනවා. සෙසු පුද්ගලයන් දෙදෙනා වෙනත් දෝණාවක සිටි බැවින් ඔවුන්ට කඩිනමින් ඉන් පිටතට පැමිණීමට නොහැකිවීමෙන් ඔවුන් එහි සිරවී සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
 
පතල කඩා වැටීමත් සමග එහි සිරවුණු පුද්ගලයන් සෙවීමේ කටයුතු ආරම්භ වූයේ ප්‍රදේශවාසීන්ගේ සහ පොලීසියේ මැදිහත්වීමෙන්. කෙසේ වෙතත් අද අලූයම් කාලයේදී ඔවුන්ගේ සිරුරු සොයගෙන ඇති අතර මේ වනවිට මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර රත්නපුර රෝහලේ තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස පතල කඩාවැටීමෙන් මියගොස් ඇත්තේ ඇලපාත සහ ලෙල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. මැණික් පතල සකසන අවස්ථාවේ ඒ තුළට පැරණි මැණික් පතලක ජල මාර්ගයක් සම්බන්ධවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව ජල පහර එම පතලට ගලා ඒම නිසා පස් තට්ටු කඩා වැටී තිබෙනවා.
    
Update : Monday, 23 December 2013 - 7:45

----------------------------------------------------------
මැණික් පතලක් කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙකු සිර වෙයි.

Sunday, 22 December 2013 - 18:45

රත්නපුර - අංගම්මන ප්‍රදේශයේ අද (22) පස්වරුවේ මැණික් පතලක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සිර වී ඇති බව පොලීසිය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories