කටුනායක අධිවේගයේ ආදායම මිලියන 200 ඉක්මවයි.

Sunday, 22 December 2013 - 18:46

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+200+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කර මාස දෙකක් ගතවීමටත් පෙර රුපියල් මිලියන 200 කට අධික ආදායමක් ලබා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ මාර්ග මෙහෙයුම් හා අධීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එ.ඞී.කහටපිටිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය මාසයේ අග භාගයේ සිට මේ දක්වා කාලය තුළ වැඩි වශයෙන් වාහන ගමනාගමනයක් සිදුවී ඇති බවයි. පසුගිය ඔක්තෝම්බර් මස 27 කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ගමනාගමනය සඳහා ජනතාවට විවෘත කෙරුණා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.ඒ.ඞී. කහටපිටිය වැඩිදුරටත් කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයට වඩා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය සිදුවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories