වීඩීයෝ : උතුරු, නැගෙනහිර ඉඩම් පැමිණිලි එක්ලක්ෂ 32,000ක්.

Sunday, 22 December 2013 - 18:49

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+32%2C000%E0%B6%9A%E0%B7%8A.
උතුරු, නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් පැමිණිලි එක් ලක්ෂ 32,000 ක් ලැබී ඇති බව ඉඩම් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් අශෝක පීරිස් සඳහන් කළේ ඉන් පැමිණිලි 22,000ක් මේ වන විට නිරාකරණය කර ඇති බවයි.  ලබන වසර තුළ දී උතුරු, නැගෙනහිර සියලූ ඉඩම් ගැටළු වලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, උතුරු, නැගෙනහිර ඉඩම්වල වළ දමා තිබූ බිම් බෝම්බ ඉවත් කිරීම මේ වන විට සියයට 95කින් අවසන් බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ අංශයේ ප්‍රධානී මොන්ටි රණතුංග කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories