ශ්‍රීලනිප පළාත් මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු.

Monday, 23 December 2013 - 13:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%92%E0%B6%B4+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
පළාත් පාලන ආයතන කිහිපයක අයවැය පරාජය කිරීම සඳහා ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමේ ලිපි ඉදිරි දින කිහිපය තුළ ඔවුන් වෙත යැවීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ලිපිය ලැබුණු දින සිට දින 14 ක් ඇතුළත අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් විසින් පක්ෂයේ තිරණයට පටහැනිව අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව නිදහසට කරුණු ලිඛිතව දැක්විය යුතුයි.

මේ අතර බස්නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැරීම මේ මස 28 වැනිදා සිදුවන බවට මේ වනවිට කථාබහට ලක්වනවා. එමෙන්ම එය ජනවාරි මාසයේ දෙවන සතිය දක්වා  කල් යනු ඇති බවටද තවත් කථාබහක් ඇතිව තිබෙනවා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අදාළ පළාත් සභා දෙක විසුරුවා හරින දිනයක් පිළිබඳව මේ වනතුරු අවසන් තිරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් පළාත් සභා විසුරුවා හරින දිනය දින කිහිපයකින් කල් දැමීම පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතින බවයි නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ. රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙකු ද හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදි මේ බව සනාථ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories