ලංකාව සමඟ කථා කරන්න ජයලලිතා සූදානම්.

Monday, 23 December 2013 - 19:41

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව මේ වන විට උග්‍ර අතට පත්වෙමින් තිබෙනවා. ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළේ ශ්‍රී ලාංකීය අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලා නාගපට්ටිනම් ප්‍රදේශයේ ක්‍රියාත්මක ධීවර උපවාසයට අදට දින 3ක් ගත වන බවයි. උපවාසයේ නිරත කාන්තාවන් 23 දෙනෙකු සිහිසුන්වීම හේතුවෙන් නාගපට්ටිනම් රෝහලට ඇතුළත් කර ඇති බව ද එම පුවත්පත වාර්තා කළා. මේ වන විට ඉන්දීය ධීවරයින් 210ක් ශ්‍රී ලාංකීය අත්අඩංගුවේ පසුවන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ. උපවාසයේ නිරත පුද්ගලයින් මේ සම්බන්ධයෙන් තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් සමඟ ද අද (23) සාකච්ඡාවක් පැවැත්වුවා.

දෙරට අතර ඇති වී තිබෙන ධීවර ගැටලූව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරින් සමඟ තමන් සාකච්ඡා කරන බව එහිදී මහඇමතිනිය විසින් පොරොන්දුවී තිබෙනවා. එම නිසා මෙම උපවාසය අත්හරින ලෙසයි ඇය තමිල්නාඩු ධීවරයින්ගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර, තූත්තුකුඩි දිස්ත්‍රික්කයේ තර්මල් නගර් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකීය ධීවරයන් 59 දෙනෙකු ලබන වසරේ ජනවාරි මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මොවුන් සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ. මෙම ධීවරයන් මීගමුව, පුත්තලම සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. කන්‍යාකුමාරි ප්‍රදේශයේ දී මොවුන් සමග ධීවර යාත්‍රා 10ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.  

කෙසේ වෙතත්, ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසදීම සදහා දෙරටේ ධීවර නියෝජිතයන් අතර තවදුරටත් සාකච්ඡා පවත්වන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පවසනවා. ඔහු කියා සිටියේ සාකච්ඡා අසාර්ථක වුවහොත් මෙරට මුහුදු සීමාවට පැමිණෙන සියලූ ඉන්දීය ධීවර යාත්‍රා ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories