Update :වීඩියෝ: අසම්මතය ගිය දුරක්.

Tuesday, 24 December 2013 - 8:40

Update+%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.
මාතර - කනංකේ - පුහුලහේන ප්‍රදේශයේදී මවකට සහ ඇගේ දියණියට ඇසිඩ් ප්‍රහාරයක්  එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය අද (24) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ අසම්මත සබඳතාවයක් මත මෙම ඇසිඞ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ තරුණිය සහ සැකකාරිය කළක් යුද හමුදාවේ එකට සේවය කර ඇති අතර පසුව ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ  තරුණිය නීත්‍යානුකුළව හමුදාවෙන් ඉවත්ව තිබෙනවා. ඇසිඞ් ප්‍රහාරය එල්ල කළ සැකකාරිය හමුදාවෙන් පළා ආ සෙබලියක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙම සැකකාරියගේ මවද අද අත්අඩංගුවට ගත්තේ සිද්ධියට අනුබලදීමේ චෝදනාව මතයි. පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පසුගිය 17 වන දා රාත්‍රියේ කනංකේ - පුහුලහේන ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පීල්ල ගාව මංසන්ධිය ප්‍රදේශයේදී මෙම මවට සහ දියණියට ඇසිඩ් ප්‍රහාරය එල්ල වුණා. පසුව ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ 56 හැවිරිදි මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. දැඩි ලෙස මුහුණේ පිළිස්සුම් තුවාල ලැබූ එක් දරු මවක්ද වන 27 හැවිරිදි දියණිය තවමත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.



Update : Tuesday, 24 December 2013 - 07:57 PM
-------------------------------------------
මවට සහ දියණියට ඇසිඞ් ගැසූ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට.

මාතර - කනංකේ - පුහුලහේන ප්‍රදේශයේදී මවකට සහ ඇගේ දියණියට ඇසිඞ් ප්‍රහාරයක්  එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ අසම්මත සබඳතාවයක් මත මෙම ඇසිඞ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ තරුණිය සහ සැකකාරිය කළක් යුද හමුදාවේ එකට සේවය කර ඇති අතර පසුව ඇසිඞ් ප්‍රහාරය එල්ලවූ තරුණිය නීත්‍යානුකුළව හමුදාවෙන් ඉවත්ව තිබෙනවා. ඇසිඞ් ප්‍රහාරය එල්ල කළ සැකකාරිය හමුදාවෙන් පළා ආ සෙබලියක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය 17 වන දා රාත්‍රියේ කනංකේ - පුහුලහේන ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පීල්ල ගාව මංසන්ධිය ප්‍රදේශයේදී මෙම මවට සහ දියණියට ඇසිඞ් ප්‍රහාරය එල්ල වුණා. එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මව මියගිය අතර 27 හැවිරිදි තරුණිය තවමත් ගාල්ල - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Update : Tuesday, 24 December 2013 - 16:27
-------------------------------------------
කනංකේ ඇසිඞ් සිද්ධියේ හමුදාවෙන් පළා ගිය සෙබලිය සොයයි.

මාතර - කනංකේ - පුහුලහේන ප්‍රදේශයේදී මවකට සහ ඇගේ දියණියට ඇසිඞ් ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකාරිය සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ  මෙම සැකකාරිය යුධ හමුදාවෙන් පළා ආ සෙබලියක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඇසිඞ් ගැසීමට ආධාර අනුබල දුන් ඇයගේ මව පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත්තා.

පසුගිය 17 වන දා රාත්‍රියේ කනංකේ - පුහුලහේන ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පීල්ල ගාව මංසන්ධිය ප්‍රදේශයේදී මෙම මවට සහ දියණියට ඇසිඞ් ප්‍රහාරය එල්ල වුණා. පසුව ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ 56 හැවිරිදි මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. දැඩි ලෙස මුහුණේ පිළිස්සුම් තුවාල ලැබූ 27 හැවිරිදි දියණිය තවමත් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය නිම කර සිය මව සමග නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී ඇය මෙම ඇසිඞ් ප්‍රහාරයට ලක්ව තිබුණා. වැන්දඹු කාන්තාවක් වන ඇයට අවුරුදු 10 ක පමණ කුඩා දියණියක්ද සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.         

Update : Tuesday, 24 December 2013 - 12:58
----------------------------------------------
මවට සහ දියණියට ඇසිඞ් ගැසූ සැකකාරියක් අත්අඩංගුවට.


මාතර - කනංකේ - පුහුලහේන ප්‍රදේශයේදී මවකට සහ ඇගේ දියණියට ඇසිඞ් ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක පළ කරන කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කනංකේ පොලීසිය සඳහන් කළේ මෙම කාන්තාව මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. අත්අඩංගුවට ගත් කාන්තාව මතුගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පසුගිය 17 වන දා රාත්‍රියේ කනංකේ - පුහුලහේන ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී පීල්ල ගාව මංසන්ධිය ප්‍රදේශයේදී මෙම මවට සහ දියණියට ඇසිඞ් ප්‍රහාරය එල්ල වුණා. පසුව ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇසිඞ් ප්‍රහාරයට ලක්වූ 56 හැවිරිදි මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. දැඩි ලෙස මුහුණේ පිළිස්සුම් තුවාල ලැබූ 27 හැවිරිදි දියණිය කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
 
ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය නිම කර සිය මව සමග නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම ඇසිඞ් ප්‍රහාරයට ලක්ව තිබුණා. වැන්දඹු කාන්තාවක් වන ඇයට අවුරුදු 10 ක පමණ කුඩා දියණියක්ද සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, මීට පෙර සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් හෙළි වූයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories