දෙමළ සන්ධාන හදිසි රැස්වීමක් අද වව්නියාවේදී.

Tuesday, 24 December 2013 - 8:47

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93.
දෙමළ ජාතික සන්ධාන හදිසි රැස්වීමක් අද පෙරවරුවේ වව්නියාවේදී පැවැත්වීමට නියමිතයි. එම සන්ධානයේ සාමාජික උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ අද (24) පෙරවරු 10ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද එක්වනවා. එහිදී  සාමය හා සංහිදියාව වෙනුවෙන් සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානයට ආරාධනාවක් ද කළා. ඒ, පසුගිය 21 වන දා පාර්ලිමේන්තුවේදී අය වැය විවාදයේ මුදල් අමාත්‍යාංශයේ පිළිතුරු කථාව සිදුකරමින්. ජනාධිපතිවරයා සිදුකළ එම ආරාධනය පිළිබදව දෙමළ සන්ධානය අද දිනයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව ද එම්.කේ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියා. මීට අමතරව දෙමළ ජාතික සන්ධානය තුළ මතුව ඇති ගැටළු කිහිපයක් නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 
මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනය පිළිගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කළා. එහි නායක ආර්.සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ රජය සහ තමන් අතර පැවැත්වූ සාකච්ඡාවලදී ඇති වූ එකගතාවයන් සහ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පදනම් කර ගනිමින් එම ආරාධනය පිළිගැනීමට තමන් සූදානම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories