UPDATE:වීඩියෝ: සංඝ සම්මේලනය අගමැතිගෙන් ප්‍රකාශයක් ඉල්ලයි.

Tuesday, 24 December 2013 - 13:10

UPDATE%3A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%83%E0%B6%82%E0%B6%9D+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
කුඩු කන්ටේනරයක් ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධයක් නොමැති නම් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදුකරන්නැයි ජාතික සංඝ සම්මේලනය අද (24) අග්‍රාමාත්‍ය දි මු ජයරත්නගෙන් ඉල්ලීමක් කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම ඉල්ලීම සිදුකළේ එහි සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන් විසින්. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දි මු ජයරත්න නුගේගොඩ - උඩහමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ ඇතැම් චීවරධාරීන් විසින් තමන්ව කුඩුකාරයෙකු ලෙස හැදින්වීමට කටයුතු කළේ භික්ෂූන් වහන්සේලාට එල්ල වන චෝදනා විභාග කිරීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවීමට කළ යෝජනාව නිසා බවයි.

කෙසේ නමුත් ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා මෙන්ම බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන් අද (24) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.



UPDATE: Tuesday, 24 December 2013 - 7:11 PM
-------------------------------------------------------
පහරදීමට හේතුව අගමැති හෙළි කරයි.

ඇතැම් චීවරධාරීන් විසින් තමන්ව කුඩුකාරයෙකු ලෙස හැදින්වීමට කටයුතු කළේ භික්ෂූන් වහන්සේලාට එල්ල වන චෝදනා විභාග කිරීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවීමට කළ යෝජනාව නිසා බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ නුගේගොඩ - උඩගහමුල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවැති උත්සවයකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, ‘‘ දැන් අපිට නරක තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. රටේ නොයෙක් විදියට දකින්න ලැබෙනවා හිර ගෙදර ... රිමාන්ඞ් කරලා.. චීවරධාරීන් කියලා පිරිසක්. දැන් බුදුවෙලත් ... රහත් වෙලත් තියෙනවා. මේ වගේ චීවරධාරීන් කරන වැරදිවලට නීතියක් හැදුවොත් හොඳයි කියලා මම හිතුවා. ඒකක් සංඝාධිකරණයක් හදන එක. එතකොට සිවුරු ඇන්දට පස්සෙ ආයි සිවුරු අදින්න බැහැ. ඇන්දොත් අවුරුදු 2ක් හිරේට යවනවා. මම නිකම් අහන්න හිටියේ මේක සකස් කරලා මහානායක ස්වාමීන් වහන්සේලාගෙන්.  ඕකට ඉඩ දෙන්නේ නැහැ කියලා අන්තිමට මාව කුඩු කාරයෙකු කළා. ’’


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories