පක්ෂය තීරණය ගනියි - ශාන්.

Tuesday, 24 December 2013 - 19:25

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A.
බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පසුගියදා ජාතික යොවුන් පෙරමුණේදී සම්මත වී ඇති බවට වාර්තා පළවනවා. කොළඹ දිස්ත්‍රික්කයේ යොවුන් පෙරමුණු ඒකාබද්ධ රැස්වීමේදී මෙම යෝජනාව සම්මත වූ බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. බස්නාහිර පළාත් මහ ඇමති අපේක්ෂක ධුරය භාරගැනීමට සූදානම්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන බවයි.

කෙසේ වෙතත් පසුගියදා ජාතික සේවක සංගම් ශාලාවේදී පැවති අයවැය පිළිබඳ සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ තමන් ජාතික දේශපාලනයේ නිරතවීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර, එළඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමතිධුර අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත්වීමට සූදානම් බව කලූතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පසුගිය සෙනසුරාදා දැනුම්දී තිබෙනවා.

එමෙන්ම දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති ධුරය වෙනුවෙන්  තමන් තරඟ කරන බව ප්‍රවීන නිළි ගීතා කුමාරසිංහ පසුගියදා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර - ඇල්පිටිය ආසන සංවිධායක ලෙස කටයුතු කරන ගීතා කුමාරසිංහ මේ බව කියා සිටියේ හිරු හාඞ් ටෝක් විශේෂාංගය සමග එක්වෙමින්.

අප ඒ සම්බන්ධයෙන් වත්මන් දකුණු පළාත් සභා මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඡන්ද විමසීමකින් පසුව මහ ඇමතිවරයා පත්කිරීමේ තීරණය පක්ෂය සතු කාර්යභාරයක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories