ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහි ලෝක නීති ළඟදීම - කොහොන.

Wednesday, 25 December 2013 - 12:40

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1.
අන්තර්ජාතික ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නවනීති සකස් කිරීම දුෂ්කර ව්‍යායාමයක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන පවසනවා. ජගත් සංවිධාන මහා මණ්ඩලයේ හයවන කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහුට පැවරී ඇති කාර්යභාරය වන්නේද එයයි. අදාළ කමිටුව මගින් ත්‍රස්තවාදයට එරෙහි ලෝක නීති සකස් කිරීමේ නීතිමය රාමුව පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරනු ලබනවා.

නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් ආචාර්ය කොහොන කියා සිටියේ ත්‍රස්තවාදයට එරෙහිව සකස් කෙරෙන ලෝක නීති පිළිබඳ සාමාජික රටවල ඉහළ අවධානයක් පවතින බවයි. එම නීති දැඩි විවාදයටද බදුන් වී තිබෙනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහි ලෝක සම්මුතියක් ඇති කිරීම සහ න්‍යෂ්ටික ත්‍රස්තවාදය වැළැක්වීම ආචාර්ය කොහොන ප්‍රධානත්වය දරන ජගත් සංවිධාන කමිටුවේ මුලික කාර්යන්ට ඇතුළත්.

ෂිංහුවා ප්‍රවෘත්ති සේවය සමග පැවති සාකච්ඡාවේදි ආචාර්ය කොහොන කියා සිටියේ එවැනි සම්මුතියක් සකස් කිරීම දැන් වසර 10 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින බවයි. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳ ඉහළ උනන්දුවක් පැවතුණා. දැන් එම උනන්දුව මදක් අඩුවී තිබෙනවා. ත්‍රස්තවාදයට එරෙහිව ලෝක යුද්ධයක් පිළිබඳව බොහෝදෙනා කථා කළද ඊට එරෙහි එකදු ලෝක සම්මුතියක් නොමැති බව ආචාර්ය කොහොන හෙළිදරව් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories