වීඩියෝ: ජේසුස් වහන්සේ සැමවිටම ලෝකවාසීන්ට අනුකම්පා කරනවා. - පාප් වහන්සේ.

Wednesday, 25 December 2013 - 19:26

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B6%B8+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙහෙය වනු ලබන නත්තල් දේව මෙහෙය රෝමයේ ශාන්ත පීතර බැසිලිකාවේදී අද (25) පස්වරුවේ දී පැවැත්වුණා. දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට මහත් සේ ආදරය කරන බව ද තමන් වහන්සේගේ පුත්‍රයා මනුෂ්‍යයින්ගේ සහෝදරයෙකු ලෙස මෙලොවට එවන ලද්දේ ඒ නිසා බව ද උන්වහන්සේ කියා සිටියා. ආත්මාර්තකාමී බව, උඩඟුකම, තුරන් කර ගත් විට අන්ධකාරයෙන් ඈත්වීමට හැකියාව ලැබෙන බව ජේසුස් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ජේසුස් වහන්සේ සැම විටම ජනතාවට අනුකම්පා කරන බව ද අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. උන්වහන්සේ එම ධුරයට පත්වීමෙන් පසු පැවැත්වූ පළමු නත්තල් දේව මෙහෙය ද මෙය වනවා.
 
මේ අතර, මෙරට නත්තල් උදාවේ ප්‍රධාන දේව මෙහෙය ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ වත්තල - ශාන්ත ආනා දෙව් මැදුරේ දී පැවැත්වුණා. ඒ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී කිතුණු බැතිමතුන් අමතමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කළේ ජයග්‍රහණය තුළින් හෝ බලපුළුවන්කාරකම් තුළින් උද්දාමයට පත්වීම කිතුණුදහමට පටහැනි බවයි.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories