කොළඹ පොදුරද මඩුළු සමුළුව ගැන මහරැජිණගෙන් පසු වදනක්.

Thursday, 26 December 2013 - 12:53

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%AB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B6%AF%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A.
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ ඊයේ (25) පැවැත්වූ සාම්ප්‍රදායික නත්තල් දින ප්‍රකාශයෙදි ශ්‍රී ලංකාව පිළිබදව ද සදහනක් කළා. මහරැජිණ සහභාගි නොවූ එහෙත් චාල්ස් කුමරු ඇය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබදවයි ඇය එහිදී සිහිපත් කළේ. විෂමතා පවතින සාමාජිකයන්ගෙන් සමන්විත පවුලක් ලෙස මහරැජිණ එහිදී පොදුරාජ්‍ය මණ්ඩලය හැදින්වූවා. පවුලක විෂමතා ශක්තිමත් සබඳතාවට බාධාවක් නොවන බවයි මහරැජිණ අවධාරණය කළේ.

‘‘මා වගේම තවත් බොහෝ අය බලාපොරොත්තුව සිටිනවා ග්ලාස්ගෝ නුවර ලබන වසරේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගැන. ලන්ඩනයෙන් පසුගිය ඔක්තෝම්බරයේ නික්මුණු ක්‍රීඩා උළෙලේ යෂ්ටිය දැන් පවතින්නේ ලොව අනෙක් පස. එය රටවල් සහ ප්‍රදේශ 70ක සැරිසරා මීළඟ ගිම්හානයේදී ස්කොට්ලන්තයට ළඟා වනවා. මෙම ගමන සිහිපත් කරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් අපට කොතරම් නව ජීවනයක් දිය හැකි ද යන්න පිළිබදවයි. මගේ පුත් චාල්ස් ශ්‍රී ලංකාවේ පසුගිය දා පැවැති සමුළුවට සහභාගි වුණා. ඔහු පැවසුවා පොදුරාජ්‍ය මණ්ඩලයේ පවුල් සම්බන්ධතාවයෙන් බොහෝ දෙනා දිරිගැන්විය හැකි බව. එය ඇතැම් විට විවිධ අදහස් පවතින පවුලක සබඳතාවක් වගෙයි. එහෙත් ඔවුන් අතර, පවතින්නේ මිත්‍රත්වතාවයේ සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ ශක්තිමත් සබඳතාවක්.’’ 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories