නොරොච්චෝලේ යළි අක්‍රිය වේ. පාඩුව කෝටි 920 ක්.

Friday, 27 December 2013 - 12:43

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A.+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+920+%E0%B6%9A%E0%B7%8A.
මේ වසරේ පමණක් නොරොච්චෝලේ විදුලි බලාගාරය විටින් විට අක්‍රියවීම තුළින් රුපියල් කෝටි 920 ක් අහිමිවී ඇති බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසනවා. එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බලාගාරය අක්‍රියවීම තුළින් දිනකට රුපියල් මිලියන 72 කට අධික පාඩුවක් සිදුවන බවයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරය මේ මස 13 වැනිදා සිට යළිත් අක්‍රිය වී ඇති අතර එය තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයේ පවතින බවයි ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.  

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රමෝපාය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විදුලි ඉංජිනේරු සෙනුජිත් දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරය තාවකාලිකව නතර කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories