ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවට ජයලලිතා සැරසේ.

Friday, 27 December 2013 - 12:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.
පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර ගැටළුව පිළිබඳව ඉන්දු - ලංකා ධීවර සංගම්වල සාකච්ඡාවක් පැවැත්වීම පිළිබඳව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඉහළ පෙළේ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. පසුගිය සඳුදා චෙන්නායි නුවර පැවති මෙම සාකච්ඡාවට තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍යවරුන් එක්ව  ඇති අතර අදාළ සාකච්ඡාවල ආකෘතිය පිළිබඳවයි අදහස් හුවමාරු වී ඇත්තේ. මෙවැනි සාකච්ඡාවක් අර්බුදයට විසඳුම් බව තමිල්නාඩු මහ ඇමතිනිය පසුගිය සැප්තැම්බරයේ අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත යැවූ ලිපියකද සඳහන් වුණා. එහෙත් අදාළ සාකච්ඡා ප්‍රමාද කිරීම පිළිබඳව චෝදනා එල්ලවන්නේද ඇය වෙතයි. ඉන්දු - ලංකා ධීවර සංගම්වල සාකච්ඡාවක් සඳහා දින වකවානු සකසන ලෙස ඉන්දීය මධ්‍යම රජය විසින් තමිල්නාඩු ප්‍රාන්ත රජයට දැනුම්දීමක් කරනු ලැබුවා. ඒ අනුවයි ඇය මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories