වීඩීයෝ : Update : රසායනික යෙදු පළතුරු තවමත් වෙළඳපොලේ.

Friday, 27 December 2013 - 14:45

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+Update+%3A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පළතුරු අත්‍යාවශ්‍ය ආහාරයක් වුව ද, මේ වනවිට වෙළඳපොලේ ඇති පළතුරු සෞඛ්‍යයට හිතකර ද අහිතකර ද යන්න පිළිබඳව ගැටලූකාරි තත්ත්වයක් පවතිනවා. මෙම ගැටලූව මතුවන්නේ ඊයේ (27) මැණිං වෙළඳපොලෙන් සෞඛ්‍යාරක්ෂිත නොවන පළතුරු තොගයක් හමුවීමත් සමගයි. ඊයේ සොයා ගත් එම පළතුරු තොගයට ඉක්මනින් ඉදවීම සඳහා යොදා ගන්නා එතෆෝන් නමැති රසායනිකය අක්‍රමවත් ලෙස යොදවා තිබුණා. එය මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ. නත්තල සහ නව අලූත් අවුරුදු උදාවත් සමග වෙළඳපොලේ පළතුරුවලට ඇත්තේ විශාල ඉල්ලීමක්. කෙසේ වෙතත්, ඊයේ සොයා ගන්නා ලද එම පළතුරු තොගය විනාශ කිරිමට කිසිවෙකුත් පියවර ගත්තේ නැහැ. සුපුරුදු පරිදි අද එම පළතුරු පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා තබා තිබූ බව අද (28) එහි ගිය අප හට දක්නට ලැබුණේ. කෙසේ වෙතත්, පළතුරු අලෙවි කරන වෙළෙන්දන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉක්මනින් ඉඳවා ගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය පලතුරුවලට එක්කරන බවයි.

දැනට එතෆෝන් නමැති රසායනිකය පළතුරුවලට එක් කෙරෙන්නේ ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය සහිතවයි. එහෙත්, වෙළඳුන් මෙම රසායනිකය වැරදි ලෙස භාවිතා කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, උත්සව සමයේදී පළතුරු වර්ග මිලදී ගැනීමේදී ඒවා ඉදී ඇති ආකාරය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ උත්සව සමය පැමිණීමත් සමඟ වෙළඳුන් පළතුරු වර්ග කඩිනමින් ඉදවීම සඳහා යම් යම් රසායනික ද්‍රව්‍ය පළතුරුවලට එක් කර ඇති බවයි. මේ හේතුව නිසා පළතුරු මිලට ගැනීමේදී පාරිභෝගිකයන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර, මහනුවර නගරයේ සුපිරි වෙළඳසැලක තිබූ නිෂ්පාදිත දිනය වෙනස් කළ ළදරු නිෂ්පාදන ඇතුළු පාරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රැසක් අද වැටලීමකදී සොයා ගනු ලැබුවා. පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර ශාඛාවේ විශේෂ වැටලීම් ඒකකය විසින් මෙම වැටලීම් සිදුකර ඇති අතර, එහි දිස්ත්‍රික් ප්‍රධානී නිශාන්ත මදාරගොඩ සඳහන් කළේ ඇතැම් ආහාර ද්‍රව්‍යවල ගුල්ලන්ද සිටිනු දක්නට ලැබුණු බවයි.



Update : Saturday, 28 December 2013 - 7:15

---------------------------------------------------------------
පිටකොටුවේ තවත් වැඩක් අල්ලයි.

Friday, 27 December 2013 - 14:45

පිටකොටුවෙන් සොයා ගත් එතෆෝන් නැමති රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන ලද පළතුරු කිලෝ 75,000 ක් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකය විසින් අද (27) පෙරවරුවේ දී මෙම වැටලීම සිදුකර තිබුණා. කොළඹ මැනිං වෙළද සංකීර්ණයෙන් මෙම පළතුරු කිලෝග්‍රෑම් 75,000 සොයා ගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 100 ඉක්මවනවා. කෙසෙල්, ගස්ලබු සහ අඹ ආදී පළතුරු අද මෙම වැටලීමේදී සොයාගෙන ඇති බව සඳහන්.

එතෆෝන් නම් ද්‍රව්‍ය, පළතුරු වර්ග කඩිනමින් ඉදවා ගැනීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක්.  කෙසේ වෙතත්, කිසිඳු ලෙසකින්වත් ඍජුව පළතුරුවලට මෙම රසායනිකය ඉසීම නුසුදුසු බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ. මෙම රසායනිකය භාවිත කරන්නේ නම්, එතෆෝන්  මිලිලීටර් 1ක් ජලය මිලිලීටර් එකක මිශ්‍ර කර තවත් හුණු ග්‍රෑම් 100ක් සමඟ මිශ්‍ර කර ද්‍රාවන දෙකම එකට කලවම් කරමින් පළතුරුවලට යෙදිය යුතුයි. නමුත් එම රසායනිකය ඍජුව පළතුරුවලට යෙදීම සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක්. අද දිනයේ දී සිදුකළ වැටලීමේදී සොයා ගත් මෙම පළතුරුවලට එතෆෝන් නැමැති රසායනිකය ඍජුව ඉසීම සිදුකර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත්, ඉදිරියේදී මෙවැනි රසායනික ද්‍රව්‍ය පළතුරු ඉදවීම සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදුකරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories