තවත් ඇමරිකානු නියෝජිතවරියක් ලංකාවට එනවලූ ?

Friday, 27 December 2013 - 19:07

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%96+%3F
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නීෂා දේසායි බිස්වාල් ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව වාර්තා වනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් සම්මත කර ගත් යෝජනාවල ඇතුළත් නිර්දේශ ක්‍රියාවට නැංවීම පිළිබදවයි ඇය සොයා බලනු ඇත්තේ. ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන්. ලබන මස මැද දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා පවත්වනු ඇති. ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ඉල්ලීමක් කර ඇති බව විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සනාථ කළා. කෙසේ නමුත්, කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාව කියා සිටියේ අදාළ චාරිකාව පිළිබද මෙතෙක් නිළ ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි. ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය එම තනතුරට පත්වූයේ පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදායි. ඊට පෙර එම තනතුරු දැරූයේ රොබට්  ඕ බ්ලේක් විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories