චීනයේ දරු සම්පතට වැඩි ඉඩක්.

Saturday, 28 December 2013 - 13:34

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A.
එක්  පවුලකට එක් දරුවෙකු පමණක් හදා වඩා ගැනීමට හැකි ලෙස පැවැති කොමියුනිස්ට් යුගයේ නීතිය ලිහිල් කිරීමට චීන ජාතික කොංග්‍රසයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ලොව විශාලතම ජන ගහනයක් සිටින රට වන චීනය 1970 දශකයේ දී මෙම නීතිය හදුන්වා දුන්නේ ජනගහන පාලන පියවරක් ලෙසයි. එහෙත් එහි තවත් ප්‍රතිඵලයක් වන්නේ චීනයේ වයස්ගත ජනගහනය ඉහළ යාමයි. වසර 2050 වන විට චීන ජනගහනයෙන් හතරෙන් එකක් වයස අවුරුදු 65 ඉක්ම වූ අය වනු ඇති. මේ අනුව තරුණ ජන ගහනය ඉහළ නැංවීමේ පියවරක් ලෙසයි සිය දැඩි ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට චීනය පියවර ගෙන ඇත්තේ. දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ පවුලේ එකම දරුවා නම් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු හදා වඩා ගැනීමට නව නීතිය යටතේ අවසර ලැබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories