UPDATE: වීඩියෝ: මන්නාරම මිනීවල නීත්‍යානුකූල නෑ.

Sunday, 29 December 2013 - 7:38

UPDATE%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%B1%E0%B7%91.
මන්නාරම තිරුකේදීෂ්වරම් කෝවිල ආසන්නයෙන් පසුගියදා හමුවු සමූහ මිනීවලේ අස්ථි කොටස්වලින් එම දේහයන් නීත්‍යානුකූල නොවන ආකාරයට මිහිදන් කර ඇති බව තහවුරු වන්නේ යැයි අනුරාධපුර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න පවසනවා. එමෙන්ම ලබන වසරේ ජනවාරි 03 වැනිදා දක්වා මෙම සමූහ මිනීවලේ කැණීම් කටයුතු නතර කර ඇති බවද ඔහු කියා සිටියා. මෙම සමූහ මිනීවලේ අස්ථි කොටස් පිහිටීමේදී තිබූ නිරීක්ෂණයන්ට අනුව එය නීත්‍යානුකූල නොවන මිනීවලක් බවට අනුමාන කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න කියා සිටියේ මෙම දේහයන් කුමන කාලයක මෙම ස්ථානයේ මිහිදන් කර තිබේද යන්න සොයා බැලීම සඳහා කාබන් පරීක්ෂණයකටද යොමුකිරීමට සිදුවිය හැකි බවයි.

පසුගිය 20 වැනි සිකුරාදා මන්නාරම ඒ - 32 ප්‍රධාන මාර්ගයේ තිරුකේදීෂ්වරම් කෝවිලට පිවිසුම් මාර්ගයේ ජලනල සවි කරමින් සිටි කොන්ත්‍රාත්කරුවන්ට මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් හමුවුණා. පසුව පොලිසිය ද මැදිහත්වීමෙන් මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර කැණීම් කටයුතු සිදුකෙරුණා. එම අවස්ථාවේදී වරින්වර සිදුකළ කැණීම්වලදී මිනිස් හිස් කබල් 08 ක් සහ අස්ථි කොටස් කිහිපයක් සොයා ගත්තා.



UPDATE: Sunday, 29 December 2013 - 06:38 PM
--------------------------------------------------------
මන්නාරම සමූහ මිනිවළේ කැණීම්වලටත් විශේෂඥ සහාය.

මන්නාරම තිරුකේදීෂ්වරම් කෝවිල ආසන්නයෙන් හමුවු සමූහ මිනීවලේ කැණීම් යළිත් ආරම්භ කර තිබෙනවා. පසුගියදා හමුවු මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ද යෙදවීමට කටයුතු කර තිබෙනවා. මීට අමතරව අදාළ සමූහ මිනී වලේ පස් හා පැළෑටි පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ සහාය ද ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය 20 වැනි සිකුරාදා මන්නාරම ඒ - 32 ප්‍රධාන මාර්ගයේ තිරුකේදීෂ්වරම් කෝවිලට පිවිසුම් මාර්ගයේ ජලනල සවි කරමින් සිටි කොන්ත්‍රාත්කරුවන්ට මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් හමුවුණා. පසුව පොලිසිය ද මැදිහත්වීමෙන් මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර කැණීම් කටයුතු සිදුකෙරුණා. එම අවස්ථාවේදී වරින්වර සිදුකළ කැණීම්වලදී මිනිස් හිස් කබල් 10 ක් සහ අස්ථි කොටස් කිහිපයක් සොයා ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories