ජිනිවා සමුළුවට මුහුණදීමට සියල්ල සූදානම්.

Sunday, 29 December 2013 - 7:40

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන  ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව රජය පවසනවා. රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සඳහා මේ වනවිටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. විශේෂයෙන්ම මෙරට සංහිඳියාව ඇති කිරීම සඳහා රජය ගෙනයන සාර්ථක වැඩපිළිවෙල ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලූම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ක්‍රියාකිරීමට මේ වනවිටත් ලොව විවිධ පාර්ශවයන් දැනුවත් කරමින් සිටින බවට වාර්තා පළ වනවා. ඊට සාර්ථකව මුහුණදීමට සූදානම් බවයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, මෙවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වුවහොත් එය පසුගිය වර්ෂවලදී සම්මත වූ යෝජනාවන්ට වඩා ප්‍රබල වනු ඇති බවයි ජිනීවාහි මෙරට හිටපු නිත්‍ය නියෝජිතවරයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories