ඉන්දීය මාධ්‍යවේදියා පිට කරයි.

Sunday, 29 December 2013 - 8:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
උතුරේ යුධ හමුදා කඳවුරු සහ හමුදා නිලධාරීන් ගමන් කරන ස්ථාන ඡායාරූප සහ වීඩියෝගත කළ ඉන්දීය ජාතික මාධ්‍යවේදියා ඊයේ (28) මෙරටින් පිටත් කර යවා තිබෙනවා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ යූ.එල්. 123 ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 7ට පමණ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ඔහු පිටත් කර යවා ඇති බවයි. අවසරයකින් තොරව යුධ හමුදා කදවුරුවල ඡායාරූප ගැනීම නිසා ආරක්ෂක අංශ විසින් මෙම මාධ්‍යවේදියා පසුගිය දා අත්අඩංගුවට ගත්තා. තමිල් ප්‍රභාකරන්  නැමැති ඔහු තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන අතර සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories