වීඩීයෝ :Update : කැනඩා මන්ත්‍රීවරියගේ අරමුණ අපි ඉටුකරන්නේ නැහැ. හමුදාව සහ පොලීසිය.

Monday, 30 December 2013 - 21:00

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3AUpdate+%3A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA.
මෙරට සංචාරයක නිරතව සිටින  කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාධිකා සිට්සබේසන් ගේ දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කිරීමට සූදානම් නොමැති බව යුද හමුදාව සහ පොලීසිය පවසනවා. තමන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් නිවාස අඩස්සියේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවට කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාධිකා සිට්සබේසන් මීට පෙර කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි හමුදාව සහ පොලීසිය මේ බව සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වනවිට කැනේඩියානු ගුවන් විදුලි සංස්ථාවද ශ්‍රී ලංකා බලධාරීන් මන්ත්‍රීවරිය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමක් සිදු නොකළ බවට ඇය උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා. එහිදී මන්ත්‍රීවරිය සඳහන් කර ඇත්තේ තමන් නිවාස අඩස්සියට පත් නොවූ බවයි. එහෙත් පැමිණි කාර්යභාරය ඉක්මවා ගියහොත් අත්අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට ලක් රජයේ බලධාරින් සූදානම් බව දැනුම්දී ඇති බව කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාධිකා සිට්සබේසන් කැනේඩියානු ගුවන් විදුලිය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

යුද හමුදා මධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ කිසිදු ආකාරයකින් අදාළ කැනේඩියානු මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකර නොමැති බවයි. ඉදිරියේ පැවැත්වෙන කැනේඩියානු මැතිවරණයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා සංචාරය තුලින් දේශපාලන වාසියක් ලබාගැනීමට අදාළ මන්ත්‍රීවරිය උත්සාහ කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

මේ පිළිබඳව අප ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරාගෙන්ද විමසා සිටියා. එහිදී ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ මෙම කැනේඩියානු මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකර ඇති බවට  තමන් මේ දක්වා දැනුවත් වී නොමැති බවයි.



Update : Thursday, 02 January 2014 - 12:47
-------------------------------------------------
කැනඩා මන්ත්‍රීවරිය නිවාස අඩස්සියේ බවට පළ වන වාර්තා බොරු. - ආරක්ෂක අංශ.

මෙරට සංචාරයේ නිරත වන කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාධිකා සිට්සබේසන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා හමුදාව මෙන්ම පොලිසිය ද ප්‍රතික්ෂේප කරනවා. මෙරට වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ ඊයේ රාත්‍රියේ සිට මෙම මන්ත්‍රිවරිය යාපනයේ හෝටලයක් තුළ නිවාස අඩස්සියට පත් කර ඇති බවයි. කෙසේ නමුත්, මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ හමුදාවට එවැනි අවශ්‍යතාවයක් නොමැති බවයි. මෙම ප්‍රවෘත්තිය අසත්‍යයක් බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා හමුදාවට මෙම මන්ත්‍රීවරියගෙන් ප්‍රශ්න කිරීමට කිසිවක් නොමැති බව ද සඳහන් කළා. මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ උසස් නිලධාරියෙකුගෙන් ද විමසීමක් කළ අතර, ඔහු ද මෙම ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත්, කැනේඩියානු ගුවන් විදුලි සංස්ථාව කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ මෙම මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගැනීම සඳහා ලක් රජය වරෙන්තුවක් නිකුත් කර නොමැති බවයි.

පසුගිය 28 වැනිදා දිවයිනට පැමිණි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාධිකා සිට්සබේසන්, උතුරු පළාත් මන්ත්‍රිනී ආනන්දී ශෂිදරන් හමුවුණේ පෙරේදා දිනයේදීයි. පසුව ඇය ඊයේ කිලිනොච්චියේ සංචාරයක ද නිරත වී තිබෙනවා. 1981 වසරේදී යාපනයේදී උපත ලැබූ රාධිකා කැනඩා පාර්ලිමේන්තුවට පත්වූ පළමු දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියද වනවා. 

Update : Wednesday, 01 January 2014 - 13:00
------------------------------------------
රාධිකා යාපනයෙන් කිලිනොච්චි යන්න හදයි.


මෙරට සංචාරයක නිරතවන කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාධිකා සිට්සබේසන් කිලිනොච්චි ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට සැරසෙන බවට වාර්තා වනවා. සංචාරක වීසා යටතේ පසුගිය 28 වැනිදා දිවයිනට පැමිණි ඇය ඊයේ (30) යාපනයේදි උතුරු පළාත් සභා මන්ත්‍රිනි ආනන්දි ශෂිදරන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරතවුණා. 1981 වසරේදී යාපනයේදී උපත ලැබූ රාධිකා කැනඩා පාර්ලිමේන්තුවට පත්වූ පළමු දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියද වනවා.

අවසන් යුද සමයේදී මෙරට සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට කැනඩාව සර්ව පාක්ෂික කමිටුවක් පත් කළ යුතු බවට රාධිකා සිට්සබේසන් එරට පාර්ලිමේන්තුවට යෝජනාවක්ද ඉදිරිපත් කරනු ලැබුවා. 
 
අද දිනයේදී ඇය කිලිනොච්චියට පැමිණ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මුණගැසීමට නියමිතව තිබුණා. එමෙන්ම ඇය කිලිනොච්චියේ ආගමික සිද්ධස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතව තිබූ බවයි කිලිනොච්චිය හිරු ප්‍රාදේශිය වාර්තාකරු සඳහන් කළේ.


Update : Tuesday, 31 December 2013 - 7:38
-----------------------------------------------------------
කැනඩා මන්ත්‍රිවරියක් TNA සමග සාකච්ඡාවක.

Monday, 30 December 2013 - 21:00

මෙරට සංචාරයක නිරතවන කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාධිකා සිට්සබේසන් දෙමළ සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. ඒ, යාපනය ප්‍රදේශයේදියි. 1981 වර්ෂයේදී යාපනයේදී උපත ලැබූ රාධිකා සිට්සබේසන් කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියද වනවා. ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 28 වැනිදායි.

අද පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් කියා සිටියේ
අද මම යාපනයේදී රදිකා මුණගැසිලා කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.  මෙම සාකච්ඡාව ඉතාම පෞද්ගලික මට්ටමින් පැවැත්වුණු එකක්. මෙහිදී මම උතුරේ කාන්තාවන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව ඇයව දැනුවත් කළා.  

අවසන් යුද සමයේදී මෙරට සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට කැනඩාව සර්ව පාක්ෂික කමිටුවක් පත් කළ යුතු බවට රාධිකා සිට්සබේසන් එරට පාර්ලිමේන්තුවට යෝජනාවක්ද ඉදිරිපත් කරනු ලැබුවා. යෝජනාව ඉදිරිපත් කරමින් ඇය කියා සිටියේ මේ සඳහා මූලිකත්වය ගැනීමට තමන් සූදානම් බවයි.

කෙසේ වෙතත් රාධිකා සිට්සබේසන් මෙරට සංචාරය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විදේශ අමාත්‍යාංශයෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසුවත් ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිටියේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories