මාලදිවයින් නිවාඩු නිකේතනයක් අසල ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක්.

Tuesday, 31 December 2013 - 8:38

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.
මාලදිවයිනේ පිහිටි නිවාඩු නිකේතනයක් ආසන්නයේ වෙරළට ගොඩගසා තිබූ  ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් එරට පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එංගලන්ත සුපිරි පාපන්දු ක්‍රීඩක ඬේවිඞ් බෙකම් නිවාඩුවක් ගත කිරීම සඳහා ඒ වනවිට එම නිවාඩු නිකේතනය වෙත පැමිණ සිටි බවයි. මියගොස් සිටින ශ්‍රී ලාංකිකයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද මාලදිවයිනේ පොලිස් ප්‍රකාශකවරයා විදෙස් මාධ්‍ය වෙත අනාවරණ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories